(කොළඹ, ලංකාපුවත්) –ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරය සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඉදිරිපත්වීමට සූදානමින් සිටියි.
ඇය මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකවරියක ලෙස ද කටයුතු කරයි.
එම තනතුර සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනි නිකී හැලී ද ඉදිරිපත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ලෝක බැංකු සභාපති ධුරයේ කටයුතු කළ ජිම් යොං කිම් පසුගිය සදුදා දිනයේ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළේය.