ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සාර්ථක ප්‍රගතියක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් කැපීපෙනෙන සේවා වර්ධනයක් පෙන්වා ඇති බව 2018 අවසාන මාස නවයේ වැය ශීර්ෂ ගණනයේදී පැහැදිලි වෙයි. ඊට පෙර වසර හා සසඳා බැලීමේදී මේ බව තහවුරු වෙයි.

හැකියා සැපිරීම, මගී හා කාගෝ ආදායම් වෙළෙඳපොළින් ඵල නෙළා ගැනීම හා ඒකක මිල සලකා බැලීමේදී එම ප්‍රගතිය ප්‍රදර්ශනය වෙයි. ලෝක තෙල් මිල ඉහළයාම, කලාපීය හා දේශීය මුදල්වල වටිනාකම පහත වැටීම සහ දේශපාලන අස්ථාවර බව යන බලපෑම් හමුවේ 2018 වසර ගුවන් සේවා ක්ෂේත්‍රයට අභියෝගාත්මක වසරක් විය. නමුත් මේ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකිවූයේ ඵලදායි වැඩපිළිවෙළ මඟින් එවැනි බාහිර බලපෑම්වලට මුහුණදීමට සමත්වීම හේතුවෙන් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෙන්වා දෙයි.

මේ කාලසීමාව තුළදී ගුවන් යානා මෙහෙයුම් මගින් ශ්‍රී ලන්කන් දළ ආදායම රුපියල් බිලියන 120 දක්වා එනම් පෙර වසරේ මෙන් 8% වර්ධනයක් සිදුවී ඇත.

නිසි අහස් යානා මෙහෙයවීම, ඵලදායි වෙළෙඳ පොළ වෙත ගුවන් ගමන් වැඩිකිරීම යන හේතු සාධක මත ආසන පුරවාලීම හේතුවෙන් 6.5% ක වැඩිවීමක් සිදුවීමද පසුගිය වසරේ පසු භාගයේ සාර්ථකත්වයට බලපා ඇත. නිශ්චිත කාලසටහනට ගුවන් ගමන් වාර වැඩි කිරීමෙන් වැඩි ධාවන ධාරිතාව මත ලන්ඩන්, ඩුබායි, අබුඩාබි, දෝහා, දිල්ලිය වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක වීම නිසා මෙලෙස ප්‍රගතිය ලබාගත හැකි වී යැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව හා මෙල්බන් වෙත දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වීමත් සමඟ සාම්ප්‍රදායික සංචාරක ගමනාන්තයන් අභිභවා යමින් ශ්‍රී ලංකා මෙල්බන් සෘජු ගුවන් ගමන්හි පසුගිය මාස 12 ක කාලය තුළදී 36% ක වර්ධනයක් ප්‍රදර්ශනය වූ බවද පෙන්වා දෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෘජු ඔන්ලයින් අලෙවි සේවාව හරහා ගුවන් ගමන් මගී ප්‍රමාණයේ 14% ක වර්ධනයක්ද සිදුවී ඇත්තේ ගුවන් සේවාවේ කාර්යක්ෂම කැපවීම හා ආයෝජනය හේතුවෙනි. වසර දෙකකදී මෙම ඔන්ලයින් සෘජු අලෙවි සේවාව දෙගුණයක් කිරීමටද සැලැසුම් කර ඇත.

අර්බුදකාරී කාල වකවානුව තුළ සිදුවූ රුපියල අගය අඩුවීම හා ඩොලරයේ වර්ධනය වීම සිදුනොවී නම් ගුවන් මගී ආදායම වඩාත්ම ඉහළ යන බවද පෙන්වා දෙයි. පසුගිය මාස නවයක කාලය තුළ මගී ප්‍රමාණය 0.3% ක පහත බැසීමක් පෙන්වූවද සමස්ත ආසන පරිභෝජනය 82% මට්ටමේම පවත්වාගෙන යාමට සමත්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *