ගොවි ජනතාවගේ මූලික ගැටලූවලට ස්ථීරසාර විසඳුම් ලබාදීම ප්‍රමුඛ වැඩපිළිවෙළයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ගොවිජන ජීවිතය හා බැදුණු කදුළු කතාව පිළිබඳ අවබෝධයක් සහ අත්දැකීමක් ඇති නායකයෙකු ලෙස තම ප්‍රමුඛ වැඩපිළිවෙළ වූයේ ගොවි ජනතාවගේ මූලික ගැටලූවලට ස්ථීරසාර විස`දුම් ලබාදීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

පාසල් සමයේ සිට ගුල, දෑකැත්ත හුරු ගොවි පුතෙකු ලෙස මෙරට ගොවි ජනතාවගේ ගැටලූ තමාට අරුමයක් නොවු බව ද ජනාධිපතිතුමා සදහන් කළේ ඊයේ (31) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති උත්සවයක් අමතමිනි.

‘ගොවි තාත්තා‘ සිනමා පටයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ඉපැරණි පරිසර හිතවාදී ක්‍රමවේදයෙන් මුලූමනින්ම ඉවත් වෙමින් පරිවර්තනය වූ රසායනික පොහොර භාවිතය හා බැඳුණු නූතන කෘෂිකාර්මික යුගයේ දී ගොවියා සහ මිනිසා මුහුණු දෙන ජීවන ඛේදවාචකයන් අලළා නිර්මාණය වන ලොව ප්‍රථම ආසියාතික ගොවි සිනමා සිත්තම ලෙස ,ගොවි තාත්තා, හැදින්වෙයි.

උණගලා වෙහෙර ගම්මානයේ ප්‍රේමරත්න දිසානායක ගොවි මහතාගේ ජීවන පුවත ,ගොවි තාත්තා, නමින් ඔහුගේ පුත් සංගීතඥ දර්ශන රුවන් දිසානායක මහතා විසින් මෙලෙස සිනමාවට නැ`ගීමට නියමිතය.

,ගොවි තාත්තා, සිනමා පටයේ තිර පිටපත එහි නිෂ්පාදක සරත් බණ්ඩාර කොක්වැව මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රේමරත්න දිසානායක මහතාගේ බිරි`ද වන බී.එම්. බිසෝමැණිකේ මහත්මිය වෙත පිළිගැන්වීය.
ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

පාසල් දැරියක විසින් රචනා කරන ලද ගී පද රචනා කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ඇතු`ථ ආරාධිත පිරිසක් ද, දර්ශන රුවන් දිසානායක මහතා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම සහ ප්‍රේමරත්න දිසානායක මහතාගේ පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *