අභ්‍යාවකාශ බළකායක් නිර්මාණය කිරිමට ට්‍රම්ප් අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –අභ්‍යාවකාශ බළකායක් නිර්මාණය කිරිමේ යෝජනාවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අත්සන් කරයි. නීත්‍යානුකූලව එම ක‍්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම අරමුණ වේ.

අභ්‍යාවකාශ තර්ජන හේතුවෙන් වර්තමානයේ ගැටළු රැසක් මතුව තිබේ. ඒවා සමථයකට පත්කිරිම සඳහා නව බළකාය පිහිටුවන බව අමෙරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

අමෙරිකා නාවික හමුදාවේ කොටසක් ලෙසයි එය පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ. ජාතික ආරක්ෂාව සඳහා ප‍්‍රමුඛ තැන ලබාදීම මුලික අවශ්‍යතාවකි. 2020 වනවිට එය නිර්මාණය කිරිම ඉලක්කය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *