(කොළඹ, ලංකාපුවත්) – මීට වසර 07කට පෙර 2012 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටියක් මහා නායක හිමිවරුන්ට පූජා කරමින් තමන් මෙරට සඟ පරපුරෙන් කළ ඉල්ලීම නැවත වතාවක් සමස්ත ගෞරවනීය මහා සංඝරත්නය වෙත සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් අද (01) පෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලේ පැවති වැඩසටහන අමතමිනි.
දුම්කොළ හා පුවක් ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් අද ශ්‍රී ලංකාව මුඛ පිළිකා පිළිබඳ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම අභියෝගයෙන් ජාතිය ගලවා ගැනීමට නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුව ඇති බව ද කියා සිටියේය.
සෑම වසරකම මාර්තු මස 20 වන දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදපෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලේ දී පැවැත්විණි.
”මුව සුව වෙනුවෙන් නිති සැම එක් වෙමු” තේමාව යටතේ මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරෙන අතර, ඒ හා සමගාමීව පැවැත්වෙන මුඛ පිළිකා වැළැක්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව මෙලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටිය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් මහා සංඝරත්නය වෙත පූජා කෙරිණි.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන මුඛ පිළිකා රෝගින්ගේ සුව දුක් විමසීමට ද අනතුරුව ජනාධිපතිතුමා එක් විය.
මුඛ පිළිකාවලට ගොදුරුව සුව වූ පිරිසක් එක්ව පිහිටුවා ගත් ,නිල් කටරොලූවලට හඩක්, සංවිධානයේ සාමාජිකයන් කිහිපදෙනෙකු විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත සංදේශයක් ද භාරදෙනු ලැබීය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක, විශේෂඥ වෛද්‍ය ජගත් බලවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.