(කොළඹ, ලංකාපුවත්) –ඩෙසිබල් අසුවට (80) වැඩියෙන් කැසට්, රේඩියෝ හා රූපවාහිනී යන්ත්ර ක්රියාත්මක කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලට තරා තිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි.
අදාළ බස්රථ වැටලීමට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී බිකෝයි කෙනෙක් හැටියට ගොස් මෙම ක්රියාවලිය සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
ඇමැති අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත රියදුරන් සඳහා ක්රමවේදයක් සෑදීමට ද ජාතික ගමනා ගමන කොමිසන් සභාව තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට සිසු සැරිය බස්රථවල දේශාභිමානි ගීත අසන්න සැලසිය යුතුවේ.