(කොළඹ, ලංකාපුවත්) –MAS Holdings ආයතනය විසින් නිමවන ලද ප්‍රතිචක්‍රීකරණය කල PET ප්ලාස්ටික් වලින් නිර්මිත ලෝක කුසලාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම මේ වනවිට එලි දක්වා තිබේ.
එය කිහිප දෙනෙකු හාස්‍යයට ලක්කර තිබුනත් එහි අන්තර්ගතව ඇති සංකල්පය මුළු ලොවටම ආදර්ශයක් බව ඔබ දන්නවාද?
ලෝකයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට නිකුත් කරන රටවල් අතර 5 වන ස්ථානය හිමි ශ්‍රී ලංකාව තුල වෙරළ තීරයන්හි එකතුවූ ප්ලාස්ටික් යොදාගෙන Eco Spindles ආයතනය විසින් මෙසේ පොලියෙස්ටර් නූල් නිපදවා ඇති අතර ඒවා MAS Holdings ආයතනය විසින් මෙසේ අගය එකතුකර ඇත.
ප්ලාස්ටික් අධිග්‍රහනය හා පැටලීම නිසා සිදුවන මුහුදු ක්ෂීරපායී හා අනෙකුත් ජීවී මරණ වසරකට දහස් ගණනකි. ඔබ දන්නවාද? ඔබ ඉවත දමන ප්ලාස්ටික් නිසා මෙවන් දේ සිදුවන බව,
1. අධ්‍යයනයන්ට අනුව මුහුදු පක්ෂීන්ගෙන් 90% ට වඩා වැඩියෙන් අහාර ජීර්ණ පද්ධතිය තුල ප්ලාස්ටික් අන්තර්ගත වී ඇත. එසේම මුහුදු ජීවීන් එම අපද්‍රව්‍ය සමග පැටලීම නිසා මරණීය තර්ජන ඇතිවූ අවස්ථා වාර්තා වී ඇත. එසේ අධිග්රහණය හා පැටලීම් නිසා සිදුවන ක්ෂීරපායී සත්ව මරණ ආසන්න වශයෙන් වසරකට ලක්ෂයක් පමණ වේ යැයි නිමාණය කර ඇත. එසේම පක්ෂී, කැස්බෑවන් හා මත්ස්‍ය මරණ මිලියන ගණනක්.
2. ප්ලාස්ටික් සමුද්‍රයේ වෙසෙන සියලුම ජීවීන් කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. ප්ලාස්ටික් කිසි දිනක ජෛව හායනයට ලක් නොවන නිසා එම ප්ලාස්ටික් ඉවත දැමූ ස්ථානයේ සිට ඉතා විශාල දුරකට සංක්‍රමණය විමේ හැකියාව පවතී. ඒ සමගම ඒවා තුල ඇල්ගේ හා බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් සඳහා වාසස්ථාන සැපයීමේ හැකියාව පවතී. ඒවා එක් රැස් වූ විට සුපෝෂණය වැනි තත්වයන් ඇති කල හැක. මළ මුහුදු වැනි තත්වයන් ඇතිවීමට බලපාන්නේ එයයි. එසේම ඒවාට ආගන්තුක ජිවීන් හෝ ක්ෂුද්‍ර ජීවීන් වෙනත් ප්‍රදේශ වලට ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතී. එවිට ආක්රමණකාරී තත්වයන්ද ඇති කිරීම මගින් ජෛව හායනයට බලපෑම් ඇති කරයි.
3. ප්ලාස්ටික් ප්‍රභා හායනය තුලින් කුඩා කැබලි වලට වෙන්වී යන මුත් ඒවා සම්පුර්ණයෙන් දිරාපත් නොවේ. ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස හඳුන්වන්නේ ඒවාය. ශාක ප්ලවාංග සහ සත්ව ප්ලවාංග ඒවා සිය ආහාරත් සමග අධිග්රහණය කරන අතර ඒවා ආහාර දාමයන් හරහා මත්ස්‍යයන් තුල තිර වේ. ඒවා මිනිසුන්ගේ ආහාරයට එකතු වන්නේ එසේය. We are eating fish that have eaten other fish, which have eaten toxin-saturated plastics. In essence, humans are eating their own waste…” (Dixit Renee Brown, Wired Press).
4. එසේම ඔබ සුන්දර ලෙස දකින මුහුදු තීරයන් ඇත්තෙන්ම කසල බඳුනක් වී නැතිද?
ඉතින් අපගෙන් සමුද්‍රයට සිදුවූ හානියට වන්දි ගෙවීමක් වශයෙන් සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමට ටී ෂර්ටයේ සමුද්‍ර ජීවීන් ඇතුලත් කර තිබීමම ඔවුන්ගේ අරමුණ පැහැදිලි කරන්නකි. ලෝක කුසලානය සඳහා පියමනින පරිසර හිතකාමී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරමු.