රිෂාඩ්ට සහ හිස්බුල්ලාට එරෙහි පැමිණිලි CIDයට

(කොළඹ, ලංකාපුවත්) –අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් අණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණි විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.

එහිදී අදහස් ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහතා…

“අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට හා එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබුණා. ඉන් එක් පැමිණිල්ලක් පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබුණි පැමිණිල්ලක්. එම පැමිණිල්ල අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට හා එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා යන දෙදෙනාටම එරෙහිව ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලක්. අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පුජ්‍ය අඟුරුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින්. එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිවයි. කෙසේ නමුත්, මේ දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මේ පැමිණිළි දෙකම පොලිස් මූලස්ථානයට විසින් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරලා තියෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *