(කොළඹ, ලංකාපුවත්) –නිදහස් සෞඛ්‍ය සේවාව අගයමින් ලෝක බැංකුවේ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ස්ථාපිත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් වසර 05ක් තුළ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක ඒකක දිවයින පුරා ස්ථාපිත කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ප්‍රධානය කර තිබේ. ඒ යටතේ මේ වසර තුළ සත්කාරක ඒකක 60ක්, ලබන වසරේදී සත්කාරක ඒකක 150ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතය. ඒ යටතේ කළුතර දෙදිවල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය ඉදි කිරීමට අදාළ මුල්ගල තැබීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ. සෞඛ්‍ය සත්කාරක ඒකක පිහිටුවීම හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීමේ ප්‍රතිපත්ති සහ චක්‍රලේඛන ඇතුළත් ලිපි ගොනු සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඇතුළු රෝහල්වලට පිළිගැන්වීමද එහිදී සිදු කෙරිණි.