ඉෂානි අනුෂ්කා රණවිරු ක්‍රීඩිකාවට ඇමති සජිත්ගෙන් නිවහනක්

(කොළඹ, ලංකාපුවත්) – රටට සම්පතක් වූ ඉෂානි අනුෂ්කා වැනි හමුදා නිළධාරීන් ස්ථීර නිවසක් නොමැතිව කුලී නිවසක ජීවත් වීම පිළිබඳව තමන් කනගාටු වන බවත්, පසුගිය රජය සමයේ මෙම ක්‍රීඩිකාව රටට ජයග්‍රහණ රැසක් ලබා දී තිබුණත් එම කාලයේදී ඇයට නිසි ඇගයීමක් නොලැබුණු බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේබර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත්යුධ හමුදාවේ දැනට සේවයේ නියුතු ඉෂානි අනුෂ්කා කළුතන්ත්‍රී ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීමවෙනුවෙන් ඊයේ (26) නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතුඅමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවතිඋත්සවයට සහභාගි වෙමිනි.

2011 වසරේ දකුණු ආසියාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ 75 kg බර පංතියේ රන් පදක්කම සහ 2011 වසරේ දකුණු ආසියාතික කනිෂ්ඨ සවි එසවීමේ තරගාවලියේ 75 kg බර පංතියේ රන් පදක්කම ඉෂානි අනුෂ්කා රණවිරු නිළධාරීනීය ශ්‍රී ලංකාවට අත්කර දී තිබුණි.

ඉදිරියේදී ලෝක ශූරතාව ඇතුළු ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වීමට බලාපොරොත්තු වන ඇයට එම තරඟවලින් ජයග්‍රහණ ලබා රටට කීර්තියක් ගෙන ඒමටශක්තිය, ධෛර්යය හා මානසික සුවය ලබා දීම මෙම නිවස නොමිලේලබාදීමේ මූලික අරමුණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඇය වෙත මෙම නිවස ලබා දුන් අතර සියලු පහසුකම් සහිත මෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වේ. වත්මන් රජය යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නොමිලේ ලබා දුන් 42 වන නිවසද මෙය වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම ක්‍රීඩිකාව 2016 වසරේ දකුණු ආසියාතික බර ඉසිලීමේ තරගාවලියේ 75 kg බර පංතියේ රිදී පදක්කම ඇතුළු බර ඉසිලීමේක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *