(කොළඹ, ලංකාපුවත්) –දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය හෙට(26) රාති‍්‍ර සිට තවත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වල වැසි තත්ත්වය වර්ධනය වනු ඇත.
එසේම බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.