(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පවතින වැසි තත්ත්වය හෙට(25) සිට තාවකාලිකව තරමත් අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ඌව, උතුරු මැද සහ නැගෙකහිර පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
පසුගිය දින කිහිපයේ බලපෑ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 13 කට බලපෑම් එල්ල විය. අනුරාධපුරය, පොළොන්නරුව, නුවරඑළිය, මාතලේ සහ වව්නියාව දිස්ත්රික්වලටයි වැඩිම බලපෑම් එල්ල විය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 112 කට අයත් පුද්ගලයන් හැටපන්දහස් දෙසිය අනූ හතර දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටි.
ආරක්ෂිත ස්ථාන 123 ක පුද්ගලයින් පහලොස් දහස් පන්සිය දහදෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. ඔවුන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකය.