(කොළඹ, ලංකාපුවත්) –නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මෙරටට සංක‍්‍රමණයවූ පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ඔවුන් ඩෙල්ෆ් දූපතට දෙසැම්බර් මස 26 වනදා බෝට්ටුවකින් පැමිණ ඇති බවට තොරතුරු හෙළිව ඇත. එම බෝට්ටුවෙන් ඉන්දීයාවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී තිබුණි. ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
එහි ප්‍රථිපලයක් වශයෙන් පසුගිය 29 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සංක්‍රමණය වී සැඟව සිටි පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත. මෙම පුද්ගලයින් පිරිස නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඩෙල්ෆ් දුපතට පැමිණ, පසුව තලෙයිමන්නාරම බලා පැමිණ ඇති අතර, පුද්ගලයින් පස්දෙනාගෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු තලෙයිමන්නාරම, කේබල් හවුස් ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔවුන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී තවත් පිරිමි පුද්ගලයෙකු යාපනය ප්‍රදේශයේ සැඟව සිටින බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, ඒ අනුව එම සැකකරු ද අත් අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මෙම පුද්ගලයින් ශ්‍රී ලාංකීක පුද්ගලයින් වුව ද නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බැවින් මොවුන් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.