ආප­ස්සට ගිය රට පෙරට ගන්න අපට වග­කී­මක් තිබෙ­නවා

(කොළඹ, ලංකාපුවත්) – දේශ­පා­ලන වශ­යෙන් පන්න පන්නා පළි­ග­න්නවා වෙනු­වට අවු­රුදු හත­ර­හ­මා­රක් ආප­ස්සට ගිය රටක් ඉදි­රි­යට ගෙනි­යන්න වග­කී­මක් අපට තිබෙන බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කළේය.

අවු­රුදු හත­ර­හ­මා­රක් ආප­ස්සට ගිය රටක් ඉදි­රි­යට ගෙන­යෑමේ වග­කීම රජ­යට ඇති බවත් රට වෙනු­වෙන් ජන­තා­වට වූ පොරො­න්දුව ඉටු කරන්න ජන­තා­වගේ සුබ­සි­ද්ධි­යට වැඩ කට­යුතු කිරී­මට කැප­වෙන බවත් අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

කීර්ති ශ්‍රී වාගී­ශ්වර වින­යා­චාර්ය ගෞර­වාර්හ පූජ්‍ය කොක්කා­විට විපු­ල­සාර නායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යාමෝ­පාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කළු­තර දිස්ත්‍රික්ක හා බෙන්තර වල­ල්ලා­විට කෝර­ළයේ ප්‍රධාන සංඝ­නා­යක පද­විය පිළි­බඳ අක්ත­පත්‍ර ප්‍රදා­නය සහ සුවි­ශේ­ෂීව ඉදි කළ පහන් මන්දි­රය විවෘත කිරීමේ උත්ස­ව­යට එක්වෙ­මින් ඊයේ(16) අම­ත­මින් රාජ­පක්ෂ මහතා මේ බව කියා සිටි­යේය.

කොක්කා­විට විපු­ල­සාර නායක ස්වාමීන් වහන්සේ වෙත අක්ත­පත්‍ර ප්‍රදා­නය කිරීම මල්වතු පාර්ශ්වයේ අනු නායක නියං­ගොඩ විජි­ත­සිරි අනු නා හිමි­යන් විසින් සිදු­ක­රනු ලැබූ අතර විජි­නි­පත ප්‍රදා­නය කිරීම අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා විසින් සිදු­ක­රනු ලැබීය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා-

නව පද­විය ලබලා රටට පළා­තට විත­රක් නෙවෙයි ලෝක­ය­ටම සේවය කරන්න විපු­ල­සාර නායක හාමු­දු­රු­වන්ට ශක්තිය තියෙ­නවා කියලා අපි දන්නවා. උන්ව­හන්සේ 1963 දී පැවිදි ජීවි­ත­යට ඇතු­ළත් වෙලා 1973 වසරේ දී උප­ස­ම්පදා දිවිය ලැබුවා. විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ආර්ථික විද්‍යා පිළි­බඳ ගෞරව උපා­ධිය සමත් වෙලා නායක හාමු­දු­රුවෝ සිදු කළ සේවාව ගැන ලෝකෙම දන්නවා.

කන්දේ විහා­ර­යත් සමඟ අපේ සම්බ­න්ධය ඈතට දිවෙ­නවා. අප­වත් වූ නායක හාමු­දු­රුවෝ එදා වීර­කැ­ටිය රාජ­පක්ෂ විද්‍යා­ලයේ ඉගැ­න්නුව යුගයේ ඉඳලා අපි කන්දේ විහා­ර­යත් එක්ක සම්බ­න්ධ­කම් පැවැ­ත්තුවා. කන්දේ විහා­රය රටේම ප්‍රසි­ද්ධයි. විෂ්ණු දේවා­ලය ඉතා ම ප්‍රසි­ද්ධයි. හැමෝම මේ ස්ථාන­යට එන්නේ තමන්ගේ දුක් ගැන­විලි කියන්න විත­රක් නෙවෙයි. වර්ෂ­යක් පාසා විෂ්ණු දේවා­ලය වැඳ පුදා ගන්නත් විශාල පිරි­සක් මේ ස්ථාන­යට එනවා.

විපු­ල­සාර හාමු­දු­රුවෝ ෆොලො­රීඩා ප්‍රාන්තයේ බෞද්ධ විහා­ර­යක් සහ දහම් පාස­ලක් ආරම්භ කළා. නායක හාමු­දු­රුවෝ අස­නීප වූ අව­ස්ථා­වන්හි අපේ රටට ඇවිල්ලා උන්ව­හ­න්සේගේ ගුරු දේව­යා­ණන්ට ආද­ර­යෙන් ගෞර­ව­යෙන් සැලකූ බව අපි දන්නවා.

ආණ්ඩු­වක් පිහි­ටෙව්වා කියලා දැන් ඔක්කොම ප්‍රශ්න හරි කියලා හැමෝම කතා වෙනවා. ඒ වුණත් පාර්ලි­මේ­න්තුවේ බලය තවම අපිට නැහැ. සුළු­ත­ර­යක් නිසා පාර්ලි­මේ­න්තුවේ පරි­ස්ස­මෙන් කට­යුතු කරන්න අපට සිද්ධ වෙලා තියෙ­නවා. පාර්ලි­මේ­න්තුව තව පැවැ­ත්වෙන්නේ දවස් තුනයි. ඊළ­ඟට තියෙන්නේ විසු­රු­වන දවස බලා­ගෙන ඉන්න එකයි. අප්‍රේල් මාසයේ නව රජ­යක් පිහි­ටු­වන්න කට­යුතු කළ යුතුයි.

බැංකු මංකො­ල්ලය කාට­වත් අම­තක වෙලා නැහැ ගිය සතියේ පොලි­සියේ නිල­ධා­රීන් කැඳ­වලා ඇහු­ව­හම නීති­ප­තිට ලිපි ගොනු ටික යොමු කළා කියලා කිව්වා. ඊට අදා­ළව නීති­මය කට­යුතු කරන්න බලා­පො­රොත්තු වෙනවා කිය­ලයි නිල­ධා­රීන් ප්‍රකාශ කළේ. එදා අප පොරොන්දු වූ දේවල් අනි­වා­ර්යෙන්ම කර­නවා.

දේශ­පා­ලන වශ­යෙන් පන්න පන්නා පළි­ගන්න අපි සූදා­නම් නැහැ. එහෙම උනාම රජයේ වැඩ කරන්න වෙලා­වක් නැති වෙනවා. වැරදි හොය හොයා යන්නම කාලේ ගත වෙනවා.

අවු­රුදු හත­ර­හ­මා­රක් ආප­ස්සට ගිය රටක් ඉදි­රි­යට ගෙනි­යන්න අපිට වග­කී­මක් තිබෙ­නවා. රට වෙනු­වෙන් ජන­තා­වට වූ පොරො­න්දුව ඉටු කරන්න ජන­තා­වගේ සුබ­සි­ද්ධි­යට වැඩ කරන්න අපි කට­යුතු කර­නවා.

මේ ප්‍රදේ­ශයේ ජන­තා­වට ජල ප්‍රශ්නය බර­ප­තළ විදි­හට බල­පා­නවා කාලෙ­කට ලුණු ජලය තමයි බොන්න වෙලා තියෙන්නේ. මේ ජල ප්‍රශ්නය අව­සන් කරන එක නායක හාමු­දු­රුව ගේ ලොකු වග­කී­මක් වෙලා තිබුණා. මේ වසර අව­සා­න­යට පෙර මේ ප්‍රදේ­ශයේ ජන­තා­වට පිරි­සිදු ජලය ලබා දෙන්න අපිට හැකි­යාව ලැබෙයි කියල මම විශ්වාස කර­නවා. ඒ සඳහා අපි කට­යුතු කර­නවා.

මෙම අව­ස්ථා­වට පේරා­දෙ­නිය පාලි හා බෞද්ධ අධ්‍ය­ය­නාං­ශයේ මහා­චාර්ය කොට­පි­ටියේ රාහුල අනු­නා­යක ස්වාමී වහ­න්සේද කථා­නා­යක කරු ජය­සූ­රිය, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස සහ රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, විදුර වික්‍ර­ම­නා­යක, ජයන්ත සම­ර­වීර යන අමා­ත්‍ය­වරු ද පියල් නිශාන්ත විජේ­දාස රාජ­පක්ෂ රාජිත සේනා­රත්න යන මන්ත්‍රී­ව­රුන් ද දිය­ව­ඩන නිලමේ නිලංග දෑල යන මහ­ත්ව­රුන්ද සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *