(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනි සේවාව වන බෞද්ධයා නාලිකාව ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) පස්වරුවේ සිදු විය.
ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කරමින් මහා ඖෂධ පූජාවක් ද මේ හා සමගාමීව සංවිධාන කර තිබිණ.
විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ පුදා ගත්තේය. අනතුරුව එතුමා ආගමික වතාවත්වලට එක් වූ අතර, ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් මෙහෙය වූහ. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවට ද ජනාධිපතිවරයා එක් විය.
එතුමා දහම් පාසලේ දක්ෂතා පළ කළ සිසුනට තිළිණ ප්රදානය කළේය. බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, ගාමිණී ලොකුගේ ඇමැතිවරු, රාජ්‍ය ඇමැති තිලංග සුමතිපාල, හිටපු කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.