(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක සිට කුවේට් රාජ්‍යයට පැමිණෙන මගීන් විසින් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන සෞඛ්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය කර ඇතැයි කුවේට් රජය සදහන් කර ඇත.
කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය සදහන් කර ඇත්තේ එලෙස සෞඛ්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අපොහොසත්වන මගීන්ට රටට ඇතුළුවීම තහනම් කරන බවය.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඊජීප්තුව, සිරියාව, ලෙබනනය, තුර්කිය, අසර්බයිජාන් සහ ජෝර්ජියාව යන රටවලට බලපැවැත්වෙන පරිදි පනවා ඇති මෙම නියෝගය ලබන 8 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට අපේක්ෂාවෙන් පසුවන්නන් ඒ ඒ රටවල පිහිටි කුවේට් තානාපති කාර්යාලවල අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කෙරෙන සෞඛ්‍ය සහතිකයක් ලබාගත යුතු වේ.
මෙම නියමය උල්ලංඝණය කරන ගුවන් සමාගම්වටල ද දඩ පැනවීමට පියවර ගන්නා බව කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර තිබේ.
කුවේට් රාජ්‍යයෙන් ඊයේ(03)වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.