බහාමාස් රාජ්‍යයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බහාමාස් රාජ්‍යයෙන් කොරෝනා වෛරස ආසාධිත පළමු රෝගියා වාර්තා වී තිබේ.

අද පස්වරුවේ පැවති හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙෆ්රි ජෙෆ් ලොයිඩ් විසින් මේ බව සදහන් කර තිබේ.

මොහු 61 හැවිරිදි කාන්තාවක වන අතර ඇය මේ වන විට එරට රෝහලක ප්‍රතිකාර ලබයි. අදාළ කාන්තාව පසුගිය දින 20 තුළ රටින් පිටත සංචාරය කළ බවක් අනාවරණය වී නොමැති බව ද සදහන් වේ.

උණ සහ කැස්ස රෝග ලක්‍ෂණ හේතුවෙන් ඇයව හදුනා ගෙන ඇත. ඇය, ප්‍රින්සස් මාග්‍රට් රෝහලේ නම් කරන ලද හුදකලා ප්‍රදේශයක තබා ප්‍රතිකාර ආරම්භ කර ඇත.

එසේම ඇයගේ පවුලේ අය සහ ඇයගේ සමාජ සම්බන්ධතා ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවස්ථාවන් මේවන විට සොයා බලමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *