තුර්කිය මුළුමණින්ම වසා දැමීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – පවතින කොවිඩ් වෛරස් අවදානම හේතුවෙන් තුර්කිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කෙරේ.

ඒ අනුව අද(29) සිට මැයි මස 17වනදා දක්වා තුර්කියම වසා දැමීමට පියවර ගෙන ඇතැයි එරට ජනාධිපති තායප් එර්ඩෝගන් නිවේදනය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කොරෝනා වසංගතය පැතිර යාමත් සමග තුර්කිය සම්පූර්ණයෙන් වසා දමන පළමු අවස්ථාව මෙයවේ.

මේ හේතුවෙන් ජනතාව කඩ සාප්පුවල දිගු පෝලීම්වල රැදී සිටිමින් භාණ්ඩ එක්රැස් කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි. මේ අනුව අත්‍යවශ්‍ය සාප්පු සවාරි සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර හැරුණු විට තුර්කි ජාතිකයින්ට ගෘහස්ථව සිටීමට සිදුවනු ඇත.

තුර්කියේ ජීවත් වන මිලියන 82 ක ජනතාවගෙන් මිලියන 22 කට පමණ කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබේ.

එසේම පසුගිය පැය 24 තුළ තුර්කියේ කොවිඩ් ආසාදිතයින් 37,312 ක් සහ මරණ 353 ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *