සෞදි අරාබිය මානුෂීය උත්සාහයන් තුළින් ලෝකය ජයගනියි

(කොළඹ | ලංකාපුවත්) – කිං සල්මාන් මානුෂීය සහන මධ්‍යස්ථානය විසින් සංවිධාන කරන ලද නොමිලේ පවත්වන ලද ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කඳවුර මෙවර කාත්තාන්කුඩියේ පැවැත්වේ.

සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලංකාවේ කාතන්කුඩියේදී නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්, අක්ෂි පරීක්ෂාව සහ නාස් කණ්නාඩි ලබා දීමේ අක්ෂි ප්‍රතිකාර කඳවුර ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති ගරු කාලිද් හමූද් අල් කහ්තානි අධීක්ෂණය යටතේ මැයි 04 සිට 10 දක්වා පැවැත්වේ.

ස්වභාවික විපත් හෝ ආර්ථික දුෂ්කරතා සම්බන්ධ විවිධ අර්බුද වලදී ආධාර ලබා දෙමින් ගෝලීය මානුෂීය ප්‍රයත්නයන්හිදී සෞදි අරාබිය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත. සෞදි රජය, පරිත්‍යාගශීලී පුද්ගලයින් සමඟ එක්ව, ශ්‍රී ලංකාව ඇතුළු අවශ්‍යතා ඇති ජනතාවට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහ සුනාමිය වැනි විනාශකාරී විපත්තිවලට ගොදුරු වූවන්ට ආධාර කිරීම සඳහා තම අඛණ්ඩව සහාය ලබා දී ඇත.

මානුෂීය ආධාර සඳහා වූ ස්ථාපිත මෙම මෙහෙයුම 2015 මැයි 13 වන දින “සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය” පිහිටුවීමත් සමඟ තවත් ශක්තිමත් විය.”සීමා රහිත මනුෂ්‍යත්වයක් කරා” යන ආදර්ශ පාඨය යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රයත්නය සෞදි අරාබියේ මානුෂීය ප්‍රයත්නවල පදනම බවට පත්ව ඇත. මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් අතරට ආහාර සුරක්ෂිතතාව, සනීපාරක්ෂාව, රෝග නිවාරණය, ජල සම්පාදනය, පරිසර සංරක්ෂණය, නිවාස ඉදිකිරීම, ආරක්ෂක සේවා, සැපයුම් ආධාර, අධ්‍යාපන ආධාර, වියළි ආහාර බෙදා හැරීම, ආපදා සහන සේවා, රාමසාන් සමයේ රට ඉඳි බෙදා හැරීම ඇතුළු තීරණාත්මක ආධාර බෙදා හැරීම් රාශියක් ඇතුළත් වේ. මෙම මානුෂීය වැඩසටහන් ජාති ආගම් සීමාවන් ඉක්මවා යමින් ගෝලීය ඇගයීමට ලක්ව ඇත.

 

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි මෙම මධ්‍යස්ථානය ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු වන සල්මාන් බින් අබ්දුල් අසීස් ආල සවුද් රජු විසින් ආරම්භ කරන ලද අතර එහි මෙහෙයුම් විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් රබියා කටයුතු කරයි. උපතේදී බද්ධ ව උපත ලද පුද්ගලයන් 60කට අධික සංඛ්‍යාවක් සාර්ථකව වෙන් කිරීම සඳහා ප්‍රසිද්ධ වෛද්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය අල් රබියාගේ දායකත්වය, මධ්‍යස්ථානයේ කැපවීමේ විශිෂ්ටත්වය නිදසුන් කරයි.

2015 සිට මේ දක්වා, සෞදි අරාබිය මෙම අත්‍යවශ්‍ය සහන මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවකට මානුෂීය ආධාර සඳහා ඇමරිකානු ඩොලර් 1,979,808,924 ක් වෙන් කර ඇත. කරුණාවේ ආදර්ශවත් පියවරක් ලෙස, සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය ජාති, ආගම්, කුල භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ ද අඩු වරප්‍රසාදිත ප්‍රජාවන්ගේ දුක් වේදනා සමනය කිරීමේ මෙහෙවර ආරම්භ කර ඇත. මෙවර කාත්තාන්කුඩියේ පවත්වනු ලබන නොමිලේ අක්ෂි වෛද්‍ය ප්‍රතිකාර කඳවුර ද ඉන් එකකි.

මෙම උදාර මුලපිරීම මගින් සුදුසුකම් ලත් පාකිස්ථාන අක්ෂි වෛද්‍යවරුන් විසින් පවත්වනු ලබන අක්ෂි පරීක්ෂණ, ශල්‍යකර්ම, බෙහෙත් වට්ටෝරු, කොන්ජන්ටිවා ඉවත් කිරීම, කඳුළු නල අවහිරතා සඳහා ප්‍රතිකාර, සහ ඇස් කණ්ණාඩි ලබා දීම ඇතුළු පුළුල් වෛද්‍ය සේවාවන් රැසක් නොමිලේ සපයයි. ඇස් පෙනීම යනු සෑම පුද්ගලයෙකුටම ලබා දී ඇති දිව්‍යමය ත්‍යාගයක් වන අතර ඒ සඳහා අපි දැඩි ලෙස කෘතඥ වෙමු. දෘශ්‍යාබාධිත තත්ත්වයෙන් පෙළෙන අයගේ දුක්ඛිත තත්ත්වය වචනයෙන් කිව නොහැකි ය. මේ සම්බන්ධයෙන්, සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය සෑම වසරකම ශ්‍රී ලංකාවේ දස දහස් ගණනක් ඇතුළුව ගෝලීය වශයෙන් දෘශ්‍යාබාධිත බොහෝ පුද්ගලයින්ට පෙනීම ලබා දෙමින් විශිෂ්ට මානුෂීය උත්සාහයක නිරත වේ. මෙම ව්‍යාපාරය ගෝලීය පරිමානයේ වඩාත්ම දැවැන්ත මානුෂීය ප්‍රයත්නයන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන ඇත. ඊට අමතරව, රෝගීන්ගේ සාකල්‍ය යහපැවැත්ම සහතික කරමින් විශේෂඥ වෛද්‍යවරුන් විසින් දෛනික සෞඛ්‍ය මාර්ගෝපදේශනය සහ සහාය ලබා දෙනු ලැබේ.

“සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය” ශ්‍රී ලංකාව වැනි ඌන සංවර්ධිත ප්‍රදේශවල ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකීය ජනතාවගේ කෘතවේදීත්වය හා ප්‍රසාදය දිනා ගනිමින් මෙවැනි වැදගත් මානුෂීය කටයුතු අඛණ්ඩව සිදු කරයි. මෙම ප්‍රශංසනීය ප්‍රයත්නයන් අනුව, ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්, ගරු සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජු, ගරු මුහම්මද් බින් සල්මාන් කුමරු, විධායක අධ්‍යක්ෂ ආචාර්ය අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් රබීආ යන මහත්වරුන්ට සහ මේ සඳහා කැපවූ සවුදි අරාබිය තානාපති ගරු කාලිද් හමූද් අල් කහ්තානි සහ වෛද්‍ය කණ්ඩායම සහ මෙම සැලකිය යුතු මානුෂීය ප්‍රයත්නයට සම්බන්ධ සියලුම සංවිධායකයින්ට අපගේ හෘදයාංගම ප්‍රණාමය පුදකර සිටිමු.

මවුලවි එම්.එච්. ෂේහුද්දීන් මදනි (BA Hons)
අධ්‍යක්ෂ
අල් හික්මා සුබසාධක සංගමය,
කොළඹ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *