යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා ප්‍රහාර

(කොළඹ, ලංකාපුවත්) –ගිනිකොනදිග යුක්රේනයේ පිහිටි සේපෝසේයා (Zaporizhzhia) න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වේ.

ප්‍රහාරයෙන් බලාගාරයේ හටගත් ගින්න පාලනය කිරීමට නිවා දැමීමටත් ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත.

යුක්රේන රජය වෙනුවෙන් රජයේ ප්‍රකාශක අන්ද්‍රේ ටුස් වීඩියෝ පණිවුඩයක් මගින් දන්වා සිටියේ, රුමියන් හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් බලාගාරයට හානි සිදුවී ගින්න හටගත් බවත් බලාගාරයෙන් විකිරණ කාන්දුවක් වීමේ අවදානමක් පවතින බවත්ය.

එසේ විකිරණ කාන්දුක් සිදුවුවහොත් එය දරුණු ඵලවිපාක ගෙනෙනු ඇතැයි බිය පළ කෙරේ.

යුක්රේනයේ විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 40 කට දායකත්වය ලබා දෙන්නේ මෙම න්‍යෂ්ටික බලාගාරයෙනි.

මෙම බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත්, එය චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවට වඩා හතලිස් ගුණයකින් දරුණු වේවි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *