සෙලෙන්ස්කි, පුටින්ගෙන් සෘජු සාකච්ඡා ඉල්ලා සිටියි

(කොළඹ, ලංකාපුවත්) – සාම සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපති බොලොදිමිර් සෙලෙන්ස්කි, රුසියානු ජනාධිපති ව්ලැඩිමිර්ට සාකච්ඡාවකට ඇරයුම් කරයි.

යුද්ධය අවසන් කිරීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බවත් වත්මන් අර්බුදය නිමා කිරීමට ඇති එකම මග එය බවත් යුක්‍රේන ජනාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.

රුසියානු ආක්‍රමණයෙන් අටවන දිනයේදී යුක්‍රේන ජනාධිපතිවරයා, ව්ලැඩිමීර් පුටින් වෙත මෙලෙස සාම සාකච්ඡා සඳහා ආරාධනා කරනු ලැබූවේ රුසියානු හමුදා විසින් බදාදා කර්සන් නගරය අත්පත් කරගැනීමත් සමගය.

එහෙත්, කියෙව් අගනුවර බලය තවමත් පවතින්නේ යුක්රේන රජය යටතේය.

ගැටුම් හේතුවෙන් මිලියනයක පමණ සිවිල් වැසියන් පිරිසක් මේ වන විට යුක්‍රේනය හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *