චිලී රාජ්‍යයට ලාබාල ජනපතිවරයෙක්

(ලංකාපුවත් | කොළඹ) – චිලී හි පසුගිය 19වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් 35 වියැති ගේබ්‍රියෙල් බෝරික් එරට නව ජනාධිපති ලෙස තේරී පත් ව තිබේ.

චිලී ඉතිහාසයේ ලාබාලතම ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත බොරික් වාමාංශික පක්ෂයක් නියෝජන කරන අතර හිටපු ශිෂ්‍ය නායකයෙකු දවන බව විදෙස් මාධය වාර්තා කරයි.

ඔහු 55.87%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඔහු සමඟ තරග කළ දක්ෂිණාංශික අපේක්ෂක ජෝස් ඇන්ටෝනියෝ කස්ට් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 44.13%කි.

ඒ අනුව ගේබ්‍රියෙල් බෝරික් ලබන වසරේ මාර්තු 11 වනදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *