(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරිගල රාජමහාවිහාර කදූ මුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 3500 ආසන්න බරකින් සහ අඩි 08ක උසින් යුතු ශෛලමය බුදුපිළිම වහන්සේනමක් ගුවන් මගින් පසුගියදා (19) රැගෙන යන ලදී.
මෙම ශෛලමය බුදුපිළිම වහන්සේ වීරකැටිය මන්දාදූව ක්‍රීඩාංගනයේ සිට ගුවන් සැතපුම් 03 කට ආසන්න දුර ප්‍රමාණයක් ගුවනින් රැගෙන ගොස් තැන්පත් කිරීම සිදුකල අතර මේ සඳහා ගුවන් හමුදාවේ අංක 06 පියාසර බලඝණයට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් භාවිතා කරනු ලැබීය.
මෙය මෙතෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ එම්අයි 17 වර්ගයේ යානයකින් ගුවනින් රැගෙනගිය වැඩිම බර ප්‍රමණයද වේ.
මෙම කාර්ය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජුඅධීක්ෂණය යටතේ සිදුකල අතර මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක බෙලිගල්ලේ සරණපාල නාහිමියන්ගේ අනුශාසනය හා උපදෙස් මත සිදුවිය.
එසේම මෙම මෙහෙයුම සඳහා ප්‍රධාන ගුවන් නියමු ලෙස අංක 6 පියාසර පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෘෘප්කැප්ටන් පියුමාල් ප්‍රනාන්දු කටයුතු කල අතර උප නියමු වශයෙන් විංග් කමාන්ඩර් වෙනු සිල්වා ඇතුළු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 ක පිරිසක්ද එක්වුහ.