(කොළඹ, ලංකාපුවත්) – මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2724 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ ඊයේ(19) දිනයේදී තවත් ආසාදිතයන් 20 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.
ඉන් 04 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , ඔවුන්ගෙන් තිදෙනෙකු කහතුඩුව ප්‍රදේශයේද එක් අයෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේද පදිංචි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේය.
ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයන්ගෙන් 09 දෙනෙකු සෞදි අරාබියේ සිටද , 03 දෙනෙකු කටාර් සිටද , දෙදෙනෙකු ඉන්දියාවේ සිටද අනෙක් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටද පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිට තිබේ.
ඒ අනුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් 561 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇත.
මේ වන විට ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2035 ක් දක්වා ඉහළ ගොස් තිබේ.