චීනයට ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් හමු වූ කොරෝනා රෝගීන් ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හෙළිදරව්වක්

(කොළඹ, ලංකාපුවත්) – අගෝස්තු 07 දා කොළඹ සිට ෂැංහායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිටි මගීන් අතරින් කොවිඩ් ආසාදනය වූ අය පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මෙලෙස ආසාදිතයන් ලෙස හමු වි ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව හරහා ෂැංහායි වෙත ගමන් ගත් පිරිසක් බවයි ඔහු පැවසීය.

මෙසේ ගමන් කර ඇත්තේ තාක්ෂණික නිලධාරීන් පිරිසක් බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ කොළඹ – ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම පාඩුවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *