කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය දින තෙදින තුළ විදේශයන්හි සිට පැමිණි අය අතරින් කොරෝනා ආසාදිතයින් 89 ක් හමු වී ඇති බව ඔහු කියා සිටියි.

විදේශ රටවලින් පැමිණෙන ලාංකීකයන් සහ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශකයින්ගෙන් වෛරසය දිවයිනට තුළට පැමිණිය හැකි බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය.

එමෙන්ම තව දුරටත් රට නැවත අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා සෑම ශ්‍රී ලාංකීකයෙක්ම වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.

ඒ, අනුව මුඛ ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය, නිතර නිතර අත්සේදීම ආදී සෞඛ්‍ය උපදෙස් තව දුරටත් පිළිපැදිය යුතු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *