(කොළඹ, ලංකාපුවත්) –කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙක් කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත
ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරන ලදි.
එම සම්පූර්ණ නිවේදනය,
කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු හට අද පෙරවරුවේ COVID-19 පරීක්ෂණයක් සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බවට පළවන මාධ්‍ය වාර්තා සනාථ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ.
එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට බාහිර අයෙකුගෙන් මෙම වෛරසය වැළඳී ඇති බව විශ්වාස කෙරේ.
වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි.
ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍ය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරයි.
ආයතනික සන්නිවේදන අංශය
ශ්‍රීලංකන් ගුවන් සමාගම