(කොළඹ, ලංකාපුවත්) –සූවස් ඇල අවහිර කරමින් සිරව තිබූ නෞකාව ඉන් මුදවා ගැනීමට මේ වනවිට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව තවත් දින කිහිපයක් තුළ එම මාර්ගයෙහි නාවික ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව සදහන් වේ.
එවර්ගීන් නෞකාව සූවස් ඇලෙහි සිරවුණේ පසුගිය අගහරුවාදා දිනයේදීය. එම අවස්ථාවේ සිට සහන කණ්ඩායම් නැව මුදාගැනීමට දැඩි වෙහෙසක් ගන්නා අයුරු දැකගත හැකි විය.
මෙම අවහිරතාව හේතුවෙන් නෞකා විශාල සංඛ්‍යාවක් සූවස් ඇළ දෙපස සිරව තිබෙන ආකාරයද දැක ගත හැකි විය. ටොන් දෙලක්ෂ විසි හතර දහසක් බර නෞකාව මේ වනවිට මුදා ගැනීමට හැකි වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එම මාර්ගයේ නාවික ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් වනු ඇත.