(කොළඹ, ලංකාපුවත්) –දැඩි බලපෑම් සහගත වෛරස ප්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියාවේ වාර්තා වන කොරෝනා බී.1.617.2 ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ පැතිරයාමේ අවධානමක් මතුව ඇතැයි විදෙස් මධ්‍ය වාර්තා කරයි.
අවශ්‍ය වුවහොත්, නැවත සීමා කිරීම් පැනවීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ඉන්දියාවේ දැනට වාර්තා වී ඇති ප්‍රභේදය වඩා මාරාන්තික හා වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව පවතින වෛරස කාණ්ඩයක් බව හඳුනාගෙන තිබේ.
නව ප්‍රභේදය ඉන්දියාව තුළින් ප්‍රථම වරට හඳුනා ගැණුනු අතර එය පසුව බ්‍රිතාන්‍ය තුළින් වාර්තා වීමත් සමග වසංගතයේ අවදානම ඉහළ ගොස් තිබේ.
පසුගිය සතිය තුළ ඉන්දියානු නව ප්‍රභේදය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ආසාදිතයන් සංඛ්‍යාව, මෙම සතියේ දී දෙගුණයක් වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.