(කොළඹ | ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සමඟ පලදායී සහයෝගීතාවක් ගොඩනැංවීමට කටයුතු කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපද තනාපතිනිය ලෙස පත් ව සිටින ජූලි චුන්ග් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
බයිඩ්න් පරිපාලනය මගින් මෙරට තානාපතිනිය ලෙස නම් කෙරුණු ජූලි චුන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ එරට සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ඉදිරියේ කරුණු දක්වමින්ය.
ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ක්‍රමෝපාය පිහිටීම විශේෂ වැදගත්කමකින් යුක්ත වන අතර, මෙරට වරායන් වෙත ප්‍රවේශ වීම, ඉන්දු පැසිෆික් කලාපය වෙත ගෝලීය නාවික ගමන් මාර්ග නිදහසේ ක්‍රියාත්මක වීමට වැදගත් වන බව ද ඇය පෙන්වා දී ඇත.
කොරියානු සම්භවයක් සහිත හිටපු අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක වන ජූලි චුන්ග් මහත්මිය, සෙනෙට් කමිටුව ඉදිරියේ වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලක් රජය මෙන්ම මෙරට සිවිල් සමාජය, පුද්ගලික අංශය සහ ශ්‍රී ලාංකික ජන ප්‍රජාව සමඟ පලදායී සහයෝගීතාවක් ගොඩනැඟීමට අමෙරිකාව කටයුතු කළ යුතු බවයි.