රොෂෙල්ගේ ඉංග්‍රීසි හෝඩියේ ගෘහ නිර්මාණ ප්‍රදර්ශනයක්

(ලංකාපුවත් | කොළඹ) –ගෘහ නිර්මාණ ශිල්පිනි රොෂෙල් ප්‍රනාන්දුගේ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනයක් තිඹිරිගස්යාය බොතේජු පාරේ ගැලරි ෆෝ ලයිෆ්හිදී පැවැත්වේ.

ගෘහ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනයක් මෙරට පැවැත්වෙන ප්‍රථම වතාවට බව ඇය පැවසුවාය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්,චීනකටු විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය ඇතුළු පිරිසක් සහභාගී විය.

ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර 26 යොදාගෙන මෙම ගෘහ නිර්මාණ සිදු කිරීම මෙහිදී විශේෂත්වයක් වන අතර මේ සඳහා මුලික සංකල්පය මතුව ඇත්තේ ඉතාලියේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් වන බවයි රොෂෙල් ප්‍රනාන්දු මෙනවිය සඳහන් කළාය.

මෙම ගෘහ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය ලබන 28 වැනිදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *