ප්‍රියන්ත කුමාර ඝාතනයට තවත් 18ක් අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) – පාකිස්තානයේ සියල්කොට් නගරයේදී අමානුෂික ලෙස ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු වු ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 18දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පසුව ගුජ්රන්වාලා හි පිහිටි විශේෂ ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දින 15කට රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරුවන් 52ක් අත්අඩංගුවට ගෙන ඇති බව සියල්කොට් පොලීසිය සදහන් කර ඇත.

අදාළ සැකකරුවන් දෙසැම්බර් 28 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 100කට වැඩි සංඛ්‍යාවක් විමර්ශනයට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *