දරිද්‍රතාවයෙන් පෙලුන සමාජයට සමෘද්ධියෙන් සහන

(ලංකාපුවත් | කොළඹ) – රටේ දරිද්‍රතාවයෙන් පෙලුන සමාජයට ඉදිරියට යා හැකි අයුරින් මේ වන විට සමෘද්ධිය හැඩ ගස්වමින් තිබෙන බවත් ඒ තුළින් ග්‍රාමීය ජනයා සෘජුවම ජාතික ආර්ථිකයට ශක්තියක් වන බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

ඒ අනුව ජීවනෝපාය සංවර්ධනය කිරීමේ අරමුණින් වැඩ සටහන් රාශ්‍රියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ බවත් මේ තුළින් සියලු ග්‍රාමීය ජනයාගේ ගෘහ ආර්ථිකය සවි බල ගැන්වෙන බවත ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වන විට දිවයින පුරා සමෘද්ධි ලාභින් දහ හත් ලක්ෂ හැට දහසක් පමණ සිටිති. එයින් අනුරාධපුර දිස්ත්‍රිකයේ සමෘද්ධි ලාභින් හැත්තෑ දෙදහසකට (72000) ආසන්න පිරිසක් ඇත.

දිවයින පුරා සිටින අඩු ආදායම් ලාභී පවුල් සහ සමෘද්ධි ලාභී තෝරාගත් පවුල් සඳහා ජීවනෝපාය සංවර්ධනය කිරීමේ අරමුණින් ස්වයං රැකියා උපකරණ බෙදා දීම සිදු කරයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රිකයේ තඹුත්තේගම, නොච්චියාගම, මිහින්තලය සහ කහටගස්දිගිලිය යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ ආවරණය වන පරිදි තෝරාගත් පිරිසක් සදහා මෙම උපකරණ බෙදා දීම පසුගියදා සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *