ශ්‍රීලංකන් ගුවන් සේවය දෙසැම්බරයේදී ශුද්ධ ලාභයක් උපයයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රීලංකන් ගුවන් සේවය2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර තිබේ.

එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමිවූ පළමු මාසය වීම විශේෂත්වයකි. පසුගිය වසරේ එම කාලය හා සසඳන විට ආදායම 200% කින් පමණ ඉහළ ගොස් ඇති අතර පූර්ව වසංගත මට්ටම සසඳන විට එය ආදායම 80% ඉක්මවා යාමකි.

එසේම ගුවන් සමාගම 2021 දෙසැම්බර් මාසය සඳහා ගුවන් ප්‍රවාහන මට්ටමින් (airline transportation level ) USD මිලියන 11.43 ක ලාභයක් වාර්තා කර තිබේ. එය වසර 20කට වැඩි කාලයක් තුළ ගුවන් ප්‍රවාහනයෙන් වාර්තා වූ ඉහළම ලාභය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා කළ කැපකිරීම නව වසරේ සුබවාදී ආරම්භයකට මග පෑදී ඇති බවයි. “පසුගිය දෙවසර තුළ අපි මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා බහුවිධ මුලපිරීම් ක්‍රියාවට නැංවූවා. ඒ සඳහා ශ්‍රී ලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුම දායක වූණා. අපගේ එම උත්සාහයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳින්නෙමු.කෙසේ වෙතත්, වෛරසයේ නව ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ අනාගතය අතිශය අභියෝගාත්මක වනු ඇත. දෙසැම්බර් මාසයේදී ලබා ගත් ප්‍රවේගය දිගටම පවතින බව සහතික කිරීම සඳහා අපි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා වගේම අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ශ්‍රීලංකන් ගුවන් සේවය මාසයක් තුළ ගුවන් ගමන් 800 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති අතර මුළු මගීන් 228,203 ක් ප්‍රවාහනය කර ඇත. 2020 දෙසැම්බර් මාසයේදීගෙන යන ලද මගීන් සංඛ්‍යාව මෙන් 13 ගුණයකට වඩා වැඩිය.එපමනක් නොව, ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය මුළු භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 7,877ක් දක්වා ඉහළ නංවා ඇති අතර එය 2020 දෙසැම්බර් මාසයේ සිට 147%ක වැඩිවීමකි.

2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආරම්භ වූ පසුගිය තෙවසර තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය අභියෝගවලින් පිරී ඇති අතර, එම හේතුවෙන් සංචාරක පැමිණීමේ අඩුවීමට හේතු වූහ.ඉන් පසුව 2020 පළමු කාර්තුවේදී වසංගතය ආරම්භ විය. දැන් එය තුන්වන වසරටත් එළඹ තිබේ.

කෙසේ වෙතත්, ජාතික ගුවන් සේවය ලෙස, ශ්‍රීලංකන් ගුවන් සේවය, COVID-19ට ගොදුරු වූ චීනයේවුහාන් ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවල අතරමං වූ සිසුන් ඇතුළුව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අතරමං වූ ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියාවේ සිරවී සිටි වන්දනාකරුවන් නිවෙස් වෙත රැගෙන ඒම සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී. එතැන් සිට, ගුවන් සමාගම ශ්‍රී ලාංකිකයින් ප්‍රවාහනය කිරීමේ නිරත වූවා පමණක් නොව, වෙනත් රටවල පුරවැසියන්ට ආපසු සිය රට බලා යාමට සහාය වීමට ද පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *