ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට කෘෂි යන්ත්‍රෝපකරණ

(ලංකාපුවත් | කොළඹ) – ගොවි ජනතාවගේ පහසුව සඳහා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දිම අද (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදුවිය.

පළමු අදියර යටතේ අම්පාර, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික් හතරක ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 45කට මෙම යන්ත්‍රෝපකරණ බෙදා දෙනු ලැබීය.

අස්වැන්න නෙළන යන්ත්‍ර, ට්‍රැක්ටර් හා වීඩර් යන්ත්‍ර බෙදා දීම අද අමාත්‍යවරයා අතින් සිදු විය. දේශගුණික වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ දායකත්වය ඇතිව මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65කි.

ඉදිරියේදී දිවයින පුරා පිහිටි සියලු ගොවිජන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා මෙම යන්ත්‍රෝපකරණ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *