ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කෙරේ.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඊයේ(19) ඊට අදාළ පත්කිරීම සිදු කළේය.

ඒ අනුව ඒ මහතා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අද(20) සභාපති කාර්යාලයේ දී සුබ මොහොතින් සිය රාජකාරී ආරම්භ කළේය.

ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වේ. ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යාපාරිකයෙකු ලෙස විශිෂ්ඨ සම්මානයට පාත්‍ර වූවෙකුවන ඔහු උපායමාර්ගික විසඳම් ක්‍රියාවට නැංවීම පිළිබඳ ප්‍රවීනයෙකි.

මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් සභාපතිවරයා කියා සිටියේ පසුගිය කොවිඩ් වසංගත සමය තුළ අනුමත කරගත් කැබිනට් පත්‍රිකා 15කට අධික ප්‍රමාණයක් සදහාවන සංවර්ධන ව්‍යාපෘති අරමුණුගත හා ඉලක්කගත ක්‍රමයකට ආරම්භ කරමින් එයින් අත්වන ප්‍රතිලාභ තුළින් වරාය ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මුල් වී ක්‍රියාකරන බවය.

එසේම මෙම අවස්ථාවට සහභාගී වූ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන ලද්දේ ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කිරීම තුළින් තමන් බලාපොරොත්තු වන්නේ ඉදිරි තෙවසර තුළ දී නව දැක්මකින් යුතුව වේගවත් සහ ශක්තිමත් ගමනක් තුළින් සියළු අභියෝග ජයගෙන ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ ස්වර්ණමය යුගයකට නැවත රැගෙන යෑමට බවය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *