(ලංකාපුවත් | කොළඹ) – ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලයින්ට ‘ඔමික්‍රෝන්’ වෛරස ප්‍රභේදය වැළඳීම තුළින් දරුණු සංකූලතාවන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
එබැවින් ජනතාව කඩිනමින් තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කර සිටියි.
විශේෂයෙන්ම ඇතැම් අසත්‍ය ප්‍රචාරවලට මේ මොහොතේදී නොරැවටෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.