(ලංකාපුවත් | කොළඹ) – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්රදානය අද(26) සවස 2.30ට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ලොව පුරා රටවල් 130කට අධික සංඛ්‍යාවක තරුණ පිරිස මේ හා එක්ව සිටියි.
අද දින මෙරට තරුණ තරුණියන් 173 දෙනකු මේ යටතේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම්ද ලබාගැනීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.