(කොළඹ, ලංකාපුවත්) – පැය 12ක සටන් විරාමයක් සඳහා රුසියානු – යුක්‍රේන බලධාරීන් ඊයේ (09) එකඟතාවකට පැමිණ තිබේ.
මෙලෙස සටන් විරාමයකට එළඹීමට හේතුව වන්නේ යුද්ධයෙන් බලපෑම් එල්ල වූ නගර වල සිවිල් වැසියන් ආරක්ෂිතව ඉවත්කිරීම සඳහාය.
කියුව්, මරියුපෝල් වැනි නගර සඳහා මේ පැය 12ක සටන්විරාමය නම් කෙරුණේ සිවිල් වැසියන් ආරක්ෂිතව ඉවත්කිරීම සඳහාය.
මේ අතර යුක්‍රේනයේ මරියුපොල් හි මාතෘ සහ ළමා රෝහලකට රුසියානු ප්‍රහාරයක් ඊයේ එල්ල වු යුක්රේන බලධාරීහු පවසති..
ප්‍රහාරයෙන් රෝහලේ වාට්ටු කිහිපයක් මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර, ප්‍රහාර එල්ලවී තිබුණේ සටන් විරාමය මධ්‍යයේ වීම ශෝචනීය වේ.