ලංකාවේ උසම කතරගම දෙවියන්ගේ හිටි පිලිමය ගාල්ල අහංගම

(කොළඹ, ලංකාපුවත්) – ලංකාවේ උසම හා වටිනාම කතරගම දෙවියනගේ හිටි පිළිමයක් මේ වන විට ඉදි කර ඇත. ඒ ගාල්ල,අහංගම,අහංගම් කන්ද,විසුද්ධාරාම විරාණ විහාරස්ථානයේ ය.

මෙම හිටි පිළිමය සති අටක වැනි කෙටි කාලයකින් නිර්මානය කර ඇති අතර,එම පිලිමයේ උස අඩි විස්සක් (20) පමණ බැව්, අහංගම,අහංගම් කන්ද,විසුද්ධාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී වත්තල දමිතවංශ හිමියෝ පැවැසුහ.

පාරම්පරික මූර්ති නිර්මාණ පරපුරකින් පැවැත එන දිගරැද්ද, ගාමිණි මහින්දසිංහ කලා කරුවා මෙම හිටිපිළිමය නිර්මාණ කරණයෙන් දායකත්වය දක්වා ඇත.

මෙම පිළිමය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී පාද පත්මය දෙස බලා සිටින ආකාරයෙනි. මෙහි නෙත් ස්ථාපනය කර ඇත්තේ එකී දිසාන්තයක් දක්වා යොමුවන වූ ආකාරටය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *