(කොළඹ, ලංකාපුවත්) – අශෝක හඳගම නාට්‍ය නිර්මාණයක්වන ‘ඇන්ටික් කඩයක මරණයක්‘ නාට්‍යයේ දර්ශන වාර දෙකක් රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ දී අද(24) වේදිකා ගත කෙරේ.
රත්නපුර නීතිඥ සංගමයට ආධාර පිණිස සංවිධාන කරන මෙම නාට්‍යයේ දර්ශනවාර දෙකක් සවස 3.30ට සහ රාත්‍රී 07.00ට වේදිකා ගත කිරීමට නියමිතව ඇත.
එම නාට්‍යය, ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ තීරණාත්මක මංසලකුණක් සනිටුවහන් කරන අතර දැවැන්ත වේදිකා සැලසුමකින් යුක්තය.
මහාචාර්ය සෞම්‍ය ලියනගේ ප්‍රධාන චරිතය නිරූපනය කරන මෙය, නාට්‍ය විචාරකයින්ගේ නොමද පැසසුමට ලක්ව ඇත. මෙය වැඩිහිටියන් සදහා අනුමත නාට්‍යයක් ලෙස වාර්ග කර තිබේ.