(කොළඹ, ලංකාපුවත්) – අද (11) සහ හෙට (12) දෙදින තුළ පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
මහජන උපයෝගීතා කොමිසම ඊට අදාළ අවසරය ලබාදී ඇත.
ඒ අනුව උදෑසන 8.30 සිට රාත්රී 10.45 දක්වා අතර කාලය තුළ විදුලි කප්පාදුව සිදුකෙරෙන බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
උදෑසන 8.30 සිට උදෑසන 10.45 දක්වා සහ සවස 5.30 සිට රාත්රී 7.15 දක්වා ABCD කලාපවලට විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.
කෙසේවෙතත් D කලාපයට සහ EF කලාපවලට අද දිනයේ උදෑසන 10.45 සිට දහවල් 1 දක්වා විදුලි කප්පාදුව සිදුකෙරේ.
දහවල් 1 සිට සවස 3.15 දක්වා GHI කලාපවලටත් 3.15 සිට 5.30 දක්වා JKL කලාපවලටත් රාත්රී 7.15 සිට 9 දක්වා EFGH කලාපවලටත් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.
මීට අමතරව රාත්රී 9 සිට රාත්රී 10.45 දක්වා IGKL කලාපවලට විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
එසේම ලබන 13 , 14 සහ 15 එනම් අලුත් අවුරුදු දිනවලදී විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කරයි.