(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් අද (18) දිනයේදී පැය 04 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ඉල්ලා තිබුණි.
කෙසේවෙතත් ප්රමාණවත් තරම් දැවිතෙල් සැපයීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පොරොන්දුවීම හමුවේ අද දිනයට සැළසුම් කර තිබූ විදුලි කප්පාදු කාලසීමාව පැය 03 යි විනාඩි 20 ක් දක්වා අඩු කර තිබේ.
මේ අතර හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී ද පැය 4යි මිනිත්තු 50 කාලයක් විදුලිය කප්පාදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇත.
දිවා කාලයේ දී පැය 3 යි මිනිත්තු 20ක් සහ රාත්රී කාලයේ දි පැයයි මිනිත්තු 30ක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.