සණස සබැඳි අත්වැල වැඩසටහන් මාලාව යටතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සේවා රැසක්

(කොළඹ | ලංකාපුවත්) –  සණස සබැඳි අත්වැල යනු සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි සාමාජීය වගකීම් ඉටු කිරීම සඳහා නිර්මාණය කරන ලද සංකල්පයකි. ශ්‍රී ලාංකේය ජනතාවට පිහිටක් අවැසි සෑම මොහොතකම සණස සබැඳි අත්වැල සක්‍රීයව සාමාජීය වගකීම වෙනුවෙන් දායක වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා මහජනතාවට විවිධ සහනාධාර සහ ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ලබා දී ඇත.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් “සණස සබැඳි අත්වැල” වැඩසටහන් මාලාව යටතේ මෙවරත් ගංවතුරින් අවතැන් වූ ප්‍රදේශ ගණනාවකට සහනාධාර බෙදාදීම පසුගිය දා සිදුකෙරිණි. දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුරෙන් පීඩාවට පත් වූ සණස සමිති පිරිසිදු කිරීම හා අවතැන් වූ ජනතාවට අවශ්‍ය වියළි සලාක හා බඩුබාහිරාදිය බෙදාදීම මෙසේ සිදු වූ අතර මෙය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලය හා ශාඛාවන්ගේ කාර්යමණ්ඩලයේ සහභාගීත්වය ඇතිව සිදුවිය. ඒ අනුව මෙහි විශේෂත්වය වන්නේ ගොඩබිමෙන් ලඟාවිය නොහැකි ස්ථානවල සිටින විපතටපත් ජනතාවට නාවික හමුදා බෝට්ටු යොදාගනිමින් කඩිනම් සහනසේවා බෙදාහැරීමට හැකිවීමයි.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව පිළිබඳ අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරි, අයිවන් නිකලස් මහතා “සෑම වසරකම ජනාතාවට පිළිසරණක් අවැසි සෑම මොහොතදීම නොමසුරුව සියල්ලටම ප්‍රථමව ඔවුන්ට අත්වැලක් වන්නට අප ආයතනය පෙළ ගැසෙන බවත්, එවැනි වැඩසටහන් රැසක් සෑම අපදාවක් තුළදීම නිරන්තරයෙන් ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාලය එක්ව ක්‍රියාත්මක කරමින් සිටින බවත් සහ ඒ සඳහා ඇප කැප වෙමින් දිවයින පුරා කඩිනම් සහනසේවා රැසක් දියත් කිරීමට කටයුතු කළ ආයතනික කළමනාකාරීත්වය ඇතුළු කාර්යමණ්ඩලයට ස්තූතිය පුද කරන බවත්” ප්‍රකාශ කර සිටියි.

සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මීට පෙරද කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදීද සමාජ සුබසාධන සේවා කිහිපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. දිවයින පුරා සියලුම ජනතාවට වඩාත් ලෙන්ගතු සේවාවක් සපයමින්, සියලු ජීවිත රක්ෂණ අවශ්‍යතා සඳහා එකම වහලක් යටතේ සේවා සැපයීමේ පරමාර්ථය ඇතිව පාරිභෝගිකයින් හට ඉතා ඉහළ විශ්වාසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි දිවයින පුරා ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවක් ව්‍යාප්තව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *