කුලී ආදායම් බද්ද ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(කොළඹ | ලංකාපුවත්) – පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන 9.30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළේය.

මෙහිදී යෝජිත ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළේය.

“මූල්‍ය කරුණු සාකච්ඡා වූ අවස්ථාවේ මම පාර්ලිමේන්තුවේ නොසිටි නිසා මුදල් අමාත්‍යවරයා ලෙස කුලී ආදායම් බද්ද පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දක්වන්න කැමතියි. එහිදී ඉතා ඉහළ ආදායම් සීමාවක් පවතීවී. රටේ නිවාසවලින් 90%ක් පමණ ඊට අයත් වන්නේ නැහැ. ඒ නිසා එක් නිවසක් ඇති ඔබ බිය විය යුතු නැහැ. ඔබේ නිවස ආරක්ෂිතයි. මං හිතන්නේ මේ රටේ ජනතාවගෙන් අති බහුතරයකට තමන්ගේ නිවාස පිළිබඳ බියවන්න දෙයක් නැහැ. එහෙත් අප ධන බද්ද ක්‍රියාත්මක කළ යුතුයි. මම දන්නවා සජබ ඒ ගැන කලබල වී සිටින බව. ඔවුන් සමඟ සිටින කෝටිපතියන්ට ඒ බද්ද බලපාන එක තමයි මං හිතන්නේ ඒකට හේතුව.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *