ආර්.සම්බන්ධන් මහතාගේ අභාවය ගැන ඉන්දීය අගමැති ශෝකය පල කරයි

(කොළඹ | ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කෘතහස්ත ද්‍රවිඩ ජාතික සන්ධාන (TNA) නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය වෙනුවෙන් සංවේගය පළ කළේය.

“කෘතහස්ත TNA නායක ආර්. සම්බන්ධන් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන්ට මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි. එතුමා සමඟ පැවති හමුවල සොඳුරු මතක සැමදා මතකයේ රැඳෙනු ඇත. එතුමා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ  සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ අභිමානය වෙනුවෙන් කැපවී කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එතුමාගේ මිතුරන්ට සහ අනුගාමිකයන්ට එතුමා නැති අඩුව දැඩිව දැනෙනු ඇත” යනුවෙන් එතුමා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ද ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය වෙනුවෙන් සංවේගය පළ කළේය. “ශ්‍රී ලංකාවේ දමිළ නායක ශ්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය දැනගන්නට ලැබීම මහත් ශෝකයකි. මා දශක ගණනාවක් පුරා එතුමා සමඟ පැවැත්වූ හමු සහ සාකච්ඡා සිහි වේ. එතුමා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ සමානත්මතාවය, අභිමානය සහ යුක්තිය වෙනුවෙන් සටන් වැදීම සඳහා සිය මුළු ජීවිතයම කැප කළේය. එතුමාගේ පවුලේ සාමාජිකයන් සහ අනුගාමිකයන් වෙත මාගේ ශෝකය පළ කරමි” යනුවෙන් එතුමා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *