ඇමති සබ්රි රුමේනියාවේ සහ පෝලන්තයේ චාරිකාවක

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ජූලි 16 සිට 19 දක්වා රුමේනියාවේ සහ පෝලන්තයේ නිල චාරිකාවක යෙදෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

එම චාරිකාව අතරතුර විදේශ අමාත්‍යවරයා, එම රටවල ජ්‍යෙෂ්ඨ රජයේ අමාත්‍යවරුන් සහ නිලධාරීන් හමුවනු ඇත.

2023 වසරේදී බුකාරෙස්ට් හි ක්‍රියාත්මක වූ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද විදේශ අමාත්‍යවරයා විසින් නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *