“සණස ඉදිරියˮ වැඩසටහන මෙවර යාපනය දිස්ත්‍රික්කයට

(කොළඹ | ලංකාපුවත්) – සණස සමූහයේ නායක ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මහතාගේ සංකල්පයකට අනුව බිහිවුණු “සණස ඉදිරියˮ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2024 ජූලි මස 18වන දින සහ 19 යන දිනයන් දෙකෙහි යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ටිල්කෝ හොටෙල් පරිශයේදී පැවැත්විය.

දින දෙකක් පුරාවට පැවති වැඩසටහන සදහා ප්‍රදේශයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයින් සහභාගී විය. ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් මහතා ඇතු`එ ප්‍රාදේශීය දේශපාලඥයින් කිහිප දෙනෙක්ද මේ අවස්ථාව සදහා සහභාගී වූ අතර රාඡ්‍ය සේවයේ නියතු මහත්ම මහත්මීන් සහ පුද්ගලික අංශයේ නිලධාරීන්ද මේ සදහා සහභාගී විය.

පළමු දින “සණස ඉදිරියˮ සංකල්පයට අනුව දේශපාලඥයින් , රාඡ්‍ය සේවකයින් සහ පුද්ගිලක අංශය දැනුවත් කළ අතර දෙවන දින නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට පෙළ ගැසිය යුතු ප්‍රධාන පාර්ශවයක් වන මහජනතාව දැනුවත් කිරීම සිදුවිය.මේ අවස්ථාව වෙනුවෙන් සණස සාමාජිකයන් වන,නොවන පන්සීයක පමණ පිරිසක් සහභාගී වූ අතර ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මහතා විසින් “සණස ඉදිරියˮ ව්‍යුහය විස්තරාත්මකව හඳුන්වා දෙන ලදි.

මෙහිදී පිරිස ඇමතූ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මහතා සදහන් කළේ “ ආර්ථිකමය වශයෙන් රට පත් වී සිටින ස්ථානය දුටු විට තමන් ඇතුළු සණස සමුහය පාලකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා ක්‍රියාත්මක කල හැකි “සණස ඉදිරියˮ සංක්ලපය සේවා ආර්ථිකයකට එහා ගිය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන් ඉදිරිපත් කළ බවයි. සිංහල,දෙමළ,මුස්ලිම් ආදී සියලුම ජන කොටස් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එක්ව මෙම ආර්ථික වැඩ පිලිවෙළ ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලාංකිකයාට යහපත් අනාගතයක් නිර්මාණය කල හැකි බවˮ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

තවද පැමිණ සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් මහතා ප්‍රකාශ කර සිටියේ “සණස නායකතුමාගේ සංකල්පය කාලෝචිත සංකල්පයක් බවත්,ඒ සදහා තමන් ඇතුළු තම ප්‍රදේශවාසීන් උපරිම සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවත් ˮය.

සණස නායකතුමන්, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති එස්.පී ගජේන්ද්‍ර මැතිතුමන් සහ සණස මහා සංගමය නියෝජනය කරමින් එහි උප සභාපති ඒ.ඩී වලිසිංහ මහතා ඇතු`එ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන ආයතන ඇතු`එව සණස සමුහය නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *