සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් සුරැකීමට චීන ජනපතිගෙන් උපදෙස්

(කොළඹ | ලංකාපුවත්) –  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංස්කෘතික හා ස්වාභාවික උරුමයන්හි ආරක්ෂාව, පැවැත්ම සහ භාවිතය පිළිබඳ වැඩසටහන් ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙයි.

හෙතෙම අදාළ ආයතනවලට පසුගිය දා එම මාර්ගෝපදේශ ලබා දී තිබේ.

‘චීනයේ පරමාදර්ශී නාගරික සැලසුම් පිළිබඳ විශිෂ්ට සංකේතයක් වන බෙයිජිං මධ්‍ය අක්ෂය’, ‘බඩෙයින් ජරන් කාන්තාරයේ වැව් සමූහය’ සහ ‘චීන කහ මුහුදේ සංක්‍රමණික කුරුළු අභයභූමිය’ යන ස්ථාන පසුගිය දා යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබීය.

නව මාර්ගෝපදේශ මාලාව මගින් භෞතික සහ ආධ්‍යාත්මික ශිෂ්ටාචාර මෙන්ම මිනිසා සහ ස්වභාවධර්මය අතර සුසංයෝගය සහතික කරන චීන නවීකරණය ගොඩනැගීමට මනා පිටුබලයක් සැපයෙනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

රටේ අතීත උරුමයන් ආරක්ෂා කිරීමේ ශක්‍යතා නිසි ආකාරයෙන් වැඩිදියුණු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත. සංස්කෘතික හා ස්වාභාවික උරුමයන්හි පැවැත්ම සහ භාවිතය පිළිබඳ වැඩසටහන් අඛණ්ඩව ශක්තිමත් කළ යුතු අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා ද තර කළ යුතු වේ. මෙමගින් ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම තවදුරටත් පුළුල් කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් නිර්මාණය කිරීම සහතික කළ හැකි බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *