ලක් සතොසට මිලියන ගණනක ලාභයක්

(කොළඹ | ලංකාපුවත්) –  පසුගිය වසරේ අලාභ ලැබූ ලංකා සතොස මෙම වසරේ ලාභ ලැබීමට සමත්ව තිබේ.

ඒ අනුව ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ.

ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන විසිහයදහස් හත්සිය හැත්තෑ හතරකි.

එය 2023 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපෙක්ෂව‍ 4%ක් හෙවත් මිලියන 837 ක අදායම් වර්ධනයක් බව සඳහන් වේ.

මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන විට සතොස රුපියල් මිලියන 93 ක ලාභයක් ලබා ඇති අතර පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේ වාර්තා කළ අලාභය රුපියල් මිලියන 333කි.

ලංකා සතොස සඳහන් කරන්නේ මෙම වසරේ රුපියල් මිලියන 250 ක ශුද්ධ ලාභයක් ලබාගැනීම අපේක්ෂාව බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *